Sep 15, 2008

නුඔව මගේ තුරුලේ හොවන්නේ කෝම - How can I hold you?


නුඔව මගේ තුරුලේ හොවන්නේ කෝම??

මේ කවිය තේරුම් ගන්න පොඩි ඉඟි ටිකක් දෙන්න කියලා බැලුවා. (වෙනදට නම් ඔහේ කවිය දානවා ඕගොල්ලන්ගේ View එකට බාධාවක් නොවෙන්න. ඒත් මම ඉස්සෙල්ලම කියලා ඉන්න හිතුවා මොකක්ද මේකෙන් කියවෙන්නේ කියලා)

01. දෙන්නට දෙන්නා දෙන්නා කොච්චර ආදරෙයි ද කියලා දැනගෙනත් විවිධ වූ හේතු නිසා එක්වෙන්නට බැරි කම....

02. වැඩ අධික කම නිසා තමන්ගේ නිදහස නැති කරගෙන සිටින පුද්ගලයෙක් පිළිබඳව....

03. ආසාවන් හිරකරගෙන මනසින් දුක් විඳීම.....

04. බුදු දහමට අනුව නිවන කරා යන්න ඉඩ අහුරගෙන සිටින ලෝබ, ද්වේෂ, මෝහ ගැන......

05. අහසින් මේ දැන් වතුර බිංදුවක් වැටෙටෙයි කියලා බලන් ඉන්න පොළව.....

06. දරුඵල නැති අම්මා කෙනෙක් පුංචි දරුවෙක් දැකලා එන සිතුවිල්ල

ම්ම්ම්......

ඕගොල්ලන්ට මේක තව තෙකෝණ වලින් බලන්න පුලුවන්ද කියලා බලන්න.....
(බෙදාගන්න අපිත් එක්ක ඔයාලගේ සිතුවිල්ලත්....)

මේක මම ලිව්වේ “අක්ෂර සෙනඟ + බූන්දි web launch එක ඉවර වෙලා වෑන් එකේ ගෙදර බලාගෙන යද්දි. මම මේක මොන Angle එකෙන්ද ලිව්වේ කියලා පස්සේ කියන්නම්......

3 comments:

jayantha colombage said...

නුඹ..මම..යනුවෙන් බුදුදහමෙහි ගැඹුරු දාර්ශණික
ඉගැන්වීම් අනුව බලන විට එසේ හැදින්වෙන සත්ත්වයෙක්,පුද්ගලයෙක් ආත්මයක් නැත. ඇත්තේ
දෙමාපියන්ගේ සුසංයෝගයෙන් පඨවි,ආපෝ,තේජෝ,
වායෝ නම් සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපයන් පමණක්ය.එම රූපයන් වේදනා සංඥා ආදී නාමධාතුවෙන් සමන්විත හෙයින් එහි හැගීම් චේතනා ආදී දැනීම් මාත්‍ර ඇතිවී නැතිවී යයි. ඔබගේ පද නිවැරදිය.මට මාවත් නැතිකොට..යන යෙදුම මා ඉහත සදහන් කල යථාර්තය පසක් කරමින් කියන්නේ
වැළදගැනීමට මා කියා කෙනෙක් නැතිකල කාව නම් වැළදගන්නද?? ඔබගේ පද සංයෝජනය හරිම අපූරුයි..මගේ සුභපැතුම්

fossurgeon said...

හේම ජයන්ත මිතුරගේ කෝණයෙනුයි මටත් පෙනෙණුයේ. සත්‍යය එකයි. වෙන සත්‍යයක් නොමැත.

DHAMZ said...

matanam hithenne:

thamaata thamanwa therum gatha nohakiwa anunwa therum ganne keseda? yannai :D

parker