![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlogWf4oAQnbddIEkwRhLy0GN0A1mN-un6BmDG8YZfVoTOXPnLfeMuDvdfSt5TEw5FQKO_1O4pLofoa7CzP7DzJCDrqGqWBHSdtGRlf59JuHyHxA7wvYoatdgUTgmqfCLIm0sRBu4EbAU/s400/new+year.jpg)
මේච්චර කල් බ්ලොග් එකේ කවියක් තමා දැම්මේ. ඒත් අද මොනාහරි ලියන්න ඕනි කියලා හිතුණා.
තාත්තා රට ගිහින් දැන් මාස 10ක් විතර වෙනවා. ඒ කාලය තුල තාත්තාගේ චරිතය සමහරක් වෙලාවට මම රඟපෑවා, සමහරක් වෙලාවට අම්මා ම තාත්තා වුණා.
මතක හිටින කාලෙක අපි 3 දෙනා ජනවාරි 01 වෙනිදාටවත්, අප්රියෙල් 14 වෙනිදටවත් එකට ගෙදර ඉඳලා නෑ. ඒ මගේ තාත්තාගේ රස්සාව නිසා. (තාත්තා Nature Guide කෙනෙක්). ඒත් අවුරුදු දවසට ගෙදර නොහිටියත්, දවස් දෙක තුනක් පහු වෙලා හරි ගෙදර එද්දි දැනෙන්නේ මාර සතුටක්. හිතේ හංගගෙන ඉන්න සතුටක්.
ඒත් අද ඒ තත්වේ වෙනස්. තාත්තා ඉන්නේ අත ගාලා බලන්න පුලුවන් දුරක නෙමෙයි. කිලෝමීටර් ගාණක් දුර. ඒත් හිතින් නම් මගේ එහා පැත්තේ.
ඉතින් මේ අවුරුද්දත් තාත්තා ගෙදර නැතුව සමරනවා. ඒ වුණත් වෙනදාට වඩා දුකකින්.
ඒත් ලබන අවුරුද්ද නම් මෙහෙම සමරන්නේ නෑ. කොහොමහරි අපි දෙන්නම එයා ළඟට යනවා....
සුභ අලුත් අවුරුද්දක් තාත්තේ....
4 comments:
මම කලකින් දැක්ක සංවෙදීම සටහනක්.
මටත් ඔය දුකම තියෙනවා අම්මයි තාත්තයි ලංකාවෙි නිසා.. ඉක්මනට එයාලව ගෙන්න ගන්න තමයි මාත් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ...:(
ඇස් වලට කඳුලු ආවා....
ඇත්තටම ගොඩක් සංවේදී සටහනක්....
:'(
hmmm godak lassanayi..
kiyewwa wele mageth Es wala kadulu...
Aururudda labaddi matath oya hageema dan aurudu ganaka idan danennawa.. en passe hamadamath sarin sare hitha riddanawa.. :'(
mona unath ape thathatath aurudda suba wenna one.. :) "සුභ අලුත් අවුරුද්දක් තාත්තේ"
Post a Comment