Nov 27, 2008

තුරුණු විය - Thurunu Wiya

මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් ලිව්ව උපන්දින සුභපැතුම තමයි මේ....

ඔව්... ඇගේ උපන්දිනය වෙනුවෙන්.....


මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න රත්තරං....

--- non unicode ---

mama me loke wadiyenma aadare karana kenek wenuwen liwwa upandina subapathuma tamai me....

ow.... eyage upandinaya wenuwen.....

mage ayushath aran jeewath wenna rattaran.....




10 comments:

සරත් ගුණතුංග said...

ගිලිහුනු බිඳුනු සමනොල තටු හාවේ ද
නැගෙනහිරම හිරු සැමදා පවතී ද
එලඹෙන තුරුණු විය කොපමණ දික් වේ ද
ඉන්පසු මහලු විය එනබව නොදනී ද

Travel Ceylon said...

තටු ගිලිහුනු සමනලයා මියැදුනද
බැස ගිය හිරු හෙට යලි එයි පෙරදිගට
ගතවුනු තුරුණු වය මතකය සමග
ගත මියැදුනත් හිත තරුණයි හැමදාම

සරත් ගුණතුංග said...

මහලුව ගතින් සිත තරුණව ඉඳින් නේ
ඒ මහ ලෙඩක් බව කවුරුත් කියන් නේ
ගැහැනුන් හැමදෙනෙක් ඕකට කියන් නේ
"නාකිවිසේ" කියලලු මම හිතන් නේ

Travel Ceylon said...

මහලුව ගතින් සිත තරුණව සිටියාට
තුන්වන සිල්පදය කිසිවිට බිදෙනවද
නාකි විසේ රෝගය පිලිසිදෙන්නට
තුරුණු වියෙත් සිල් පද බිද තිබි යුතුය

AJ said...

happaaa......... maara conversation ekak neee..........

dennama atta tama kiyala tiyenneee

Priyankara Perera said...

මගෙනුත් ඈයට උනුසුම් සුබපෑතුම්...!

AJ said...

බොහොම ස්තුතියි මචං....

සරත් ගුණතුංග said...

සොඳුරු අනාගතයක හිමිකම් කිය න
උදේ සවස දැහැමින් දිවි ගත කර න
මෙත් සිත පැතුරුවොත් සැම සත හට නිති න
ඔබ හට දැනෙයි දිවි තුල සැඟවුණු කරු ණ

සරත් ගුණතුංග said...

වසර තිස් හයක් හෙල බස නොලිව්ව් ට
මම වැලපුනෙමි මට මේ සිදුවූ දෙය ට
සිංහල සංසදය කල මේ උදව්ව ට
මම ණය ගැතියි මෙහි හැසිරෙන සියල්ල ට

ආවට වාදෙකට කවියෙන් දුරක සි ට
මලකඩ මැකී මගෙ සිංහල, මතුපිට ට
යලි පණ පොවන්නට අත දුන් මැතිඳු හ ට
මම හිස නමමි ගරුකර අද දින ඔබ ට

Travel Ceylon said...

වාදෙට ඇවිත් කවියට අතපොත් තැබූ මට
ඔබ සිප්හලකි තව බොහො දේ ඉගෙනුමට
වසර තිස් හයට සුද්දෙක් නොවුනාට
මම ගරු කරමි ඔබ වැනි හොද හෙලයන්ට